Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:33 - Sinhala Revised Old Version

33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:33
5 හුවමාරු යොමු  

ඉදින් ඔහු: හොඳයයි කීවොත්, නුඹේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.


මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය.


සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.


යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය.


ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්