Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 20:29 - Sinhala Revised Old Version

29 මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් නුඹේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:29
4 හුවමාරු යොමු  

සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද නුඹ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.


ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.


යොනාතාන් සාවුල්ට උත්තරදෙමින්: දාවිත් බෙත්-ලෙහෙමට යන පිණිස ඕනෑකමින් මාගෙන් ඉල්ලා–


එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්