Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:22 - Sinhala Revised Old Version

22 නුමුත් මම ළමයාට: ඊගස් නුඹට එහායින්ය කියම් නම්, නුඹ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ යන්ට අරිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:22
3 හුවමාරු යොමු  

යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස නුඹට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය.


ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් නුඹට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් නුඹ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය.


යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්