Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:18 - Sinhala Revised Old Version

18 එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, නුඹේ ආසනය සිස්වන බැවින් නුඹ එහි නැති බව පෙනෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:18
3 හුවමාරු යොමු  

වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය.


දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.


නුඹ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී නුඹ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්