Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 20:14 - Sinhala Revised Old Version

14 ඇරත් මා නොනස්නා ලෙස නුඹ ස්වාමීන්වහන්සේගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:14
8 හුවමාරු යොමු  

ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි.


දාවිත් කථාකොට: සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමියි කීවේය.


රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.


මාගේ වංශයෙන් ද නුඹේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය.


තවද නුඹත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම නුඹත් මාත් අතරේ වනසේකැයි කීවේය.


ඒ නිසා මට පසුව මාගේ වංශය නුඹ විසින් සිඳ නොදමන ලෙසත් මාගේ පිය වංශයෙන් මාගේ නම නැතිකරනොදමන ලෙසත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්