Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:1 - Sinhala Revised Old Version

1 දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: නුඹේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:1
19 හුවමාරු යොමු  

භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,


ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;


මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.


ඔහු දාවිත්ට කථාකොට: නුඹ මට වඩා ධර්මිෂ්ඨය. මක්නිසාද මා නුඹට නපුර කළ නුමුත් නුඹ මට යහපත කෙලෙහිය.


තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.


සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


ඔහුද: එසේ නොවේවා; නුඹ නොනස්නෙහිය. බලව, මාගේ පියා මට නොදන්වා ලොකු හෝ සුළු හෝ කිසි දෙයක් නොකරන්නේය. මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්නේ මක්නිසාද? ඒක එසේ නොවේයයි කීවේය.


මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.


තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.


මෙසේ දාවිත් පලාගොස් ගැළවී රාමාහි සිටි සාමුවෙල් ළඟට පැමිණ, සාවුල් තමාට කළ සියල්ල ඔහුට දැන්නුවේය. එවිට ඔහු සහ සාමුවෙල් ගොස් නායොත්හි විසුවෝය.


යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.


ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේ විනිශ්චයකොට මා නිසා ඔබගෙන් පළිගන්නාසේක්වා. මාගේ අත නම් ඔබ පිටට නොපැමිණෙන්නේය.


මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්