Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 2:14 - Sinhala Revised Old Version

14 හට්ටියේ හෝ සැළියේ හෝ කටාරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේය; එවිට කොක්කට අසුවූ සියල්ල පූජකයා තමාටම ගන්නේය. ෂීලෝට පැමිණි සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 2:14
9 හුවමාරු යොමු  

එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.


මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් නුඹලා පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් නුඹලාම තරකරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?


මක්නිසාද මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජා යාගවලින් තේව ළැපැත්තද එසවීමේ කළවයද ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් පූජකයාවූ ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් සදාකාලයටම අයිතියක් කොට දුනිමියි කීසේක.


අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්,


එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් නුඹෙන් පිළිනොගන්නේයයි කීය.


එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය; ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගළවන්නෝය, ඔවුන්ගේ ඇටද පොඩිකර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්