Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 19:23 - Sinhala Revised Old Version

23 ඔහු රාමායේ නායොත්ට ගියේය. එවිට ඔහු කෙරෙහිත් දෙවියන්වහන්සේගේ ආත්මය පහළවූයෙන් ඔහු රාමාහි නායොත්ට පැමිණෙන තුරු ධර්මවාක්‍ය පවස පවසා, ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 19:23
14 හුවමාරු යොමු  

මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.


ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.


සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.


බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.


මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.


ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,


ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.


ඒ ස්ථානයේ එක්කෙනෙක් උත්තරදෙමින්: ඔවුන්ගේ පියා කවුදැයි කීවේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේ සිටින්නේද යන කීමක් හටගත්තේය.


තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.


මෙසේ දාවිත් පලාගොස් ගැළවී රාමාහි සිටි සාමුවෙල් ළඟට පැමිණ, සාවුල් තමාට කළ සියල්ල ඔහුට දැන්නුවේය. එවිට ඔහු සහ සාමුවෙල් ගොස් නායොත්හි විසුවෝය.


එවිට ඔහුත් රාමාට ගොස් සේබූහි තිබෙන මහත් ළිඳ ළඟට පැමිණ: සාමුවෙල් සහ දාවිත් කොතන සිටිනවාදැයි ඇසුවේය. අන්න, ඔවුන් රාමායේ නායොත්හි සිටිනවායයි කෙනෙක් ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්