Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 19:21 - Sinhala Revised Old Version

21 ඒ බව සාවුල්ට දැන්වූ කල ඔහු වෙන පණිවිඩකාරයන් යැවීය. ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය. සාවුල් නැවතත් තුන්වෙනි වර පණිවිඩකාරයන් යැවීය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 19:21
6 හුවමාරු යොමු  

ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.


කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.


නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.


සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.


එවිට ඔහුත් රාමාට ගොස් සේබූහි තිබෙන මහත් ළිඳ ළඟට පැමිණ: සාමුවෙල් සහ දාවිත් කොතන සිටිනවාදැයි ඇසුවේය. අන්න, ඔවුන් රාමායේ නායොත්හි සිටිනවායයි කෙනෙක් ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්