Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:8 - Sinhala Revised Old Version

8 සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:8
16 හුවමාරු යොමු  

සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන නුඹට වඩා යහපත්වූ නුඹේ අසල්වාසියෙකුට දී තිබේ.


උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?


මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.


මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.


උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?


තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.


සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.


නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.


බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.


සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.


එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.


තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.


එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.


ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්