Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:25 - Sinhala Revised Old Version

25 එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:25
13 හුවමාරු යොමු  

සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.


ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.


කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


යෝෂුවා ගල්පිහියා සාදා චර්මාග්‍ර-කන්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකළේය.


යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.


සාවුල්ගේ සේවකයෝ: දාවිත් මෙලෙස කීවේය කියා ඔහුට දැන්වුවෝය.


තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.


තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්