Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 18:22 - Sinhala Revised Old Version

22 සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: නුඹලා දාවිත් සමඟ රහස් ලෙස කථාකොට–රජ්ජුරුවෝ නුඹ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද නුඹට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:22
6 හුවමාරු යොමු  

ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.


ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.


සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.


සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් නුඹලාට පෙනේදැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්