Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:10 - Sinhala Revised Old Version

10 තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:10
17 හුවමාරු යොමු  

මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස,


ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.


තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.


අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.


තවද දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය සාවුල්ට පැමිණි කල දාවිත් තෙමේ වීණාව ගෙන අතින් ගායනාකෙළේය. එයින් සාවුල්ට පහසුවද සුවයද ලැබී, නපුරු ආත්මය ඔහුගෙන් පහව ගියේය.


හනනියාද මුළු සෙනඟ ඉදිරියෙහි කථාකොට: සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ වියගහ සියලු ජාතීන්ගේ බෙල්ලෙන් මෙසේ බිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. අනාගතවක්තෘවූ යෙරෙමියාද යන්ට ගියේය.


ප්‍රොපේතවරුන් සියල්ලෝ එලෙසම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනවි. මක්නිසාද ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.


එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.


යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.


ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.


සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්