Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:55 - Sinhala Revised Old Version

55 දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:55
9 හුවමාරු යොමු  

තරුණය, නුඹ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.


මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.


එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.


දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.


රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.


එවිට දාවිත් පිටත්වී සාවුල් කූඩාරම් ගසාගන සිටි ස්ථානයට ඇවිත් සාවුල්ද ඔහුගේ සේනාපතිවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද නිදා උන් ස්ථානය දුටුවේය. සාවුල් ගැල් තිබුණු ස්ථානයේ වැදහොත්තේය, සෙනඟ ඔහු වටකර කූඩාරම ගසාගන සිටියෝය.


ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.


සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්