Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:54 - Sinhala Revised Old Version

54 දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:54
6 හුවමාරු යොමු  

මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.


පූජකතෙමේ: නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්