Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:52 - Sinhala Revised Old Version

52 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යූදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

52 ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද නැඟිට, ඔල්වර හඬ පවත්වා පිලිස්තිවරුන් ලුහුබැඳ ගායිට පැමිණෙන තැන දක්වාත් ඒක්‍රොන්හි දොරටුව දක්වාත් ගියහ. ෂාරයිම්ට යන මාර්ගය දිගට ගාත් දක්වා ද ඒක්‍රොන් දක්වා ද පිලිස්තිවරු මැරුම් කා වැටුණා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද නැඟිට, ඔල්වර හඬ පවත්වා පිලිස්තිවරුන් ලුහුබැඳ ගායිට පැමිණෙන තැන දක්වාත් ඒක්‍රොන්හි දොරටුව දක්වාත් ගියහ. ෂාරයිම්ට යන මාර්ගය දිගට ගාත් දක්වා ද ඒක්‍රොන් දක්වා ද පිලිස්තිවරු මැරුම් කා වැටුණා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:52
10 හුවමාරු යොමු  

එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.


ඔහු නැගිට තමාගේ අතට වෙහෙසවී තමාගේ අත කඩුවට ඇලෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ස්වාමීන්වහන්සේ එදා මහත් ජයක් සාදා දුන් සේක; සෙනඟද කොල්ලය ගන්ට පමණක් ඔහු පස්සේ ගියෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලීයෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.


එබැවින් ඔව්හු පණිවිඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් තමුන් ළඟට රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන අප විසින් කුමක් කටයුතුදැයි කීවෝය. ඔව්හුද: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගාත්ට ගෙනයනු ලැබේවයි කීවෝය. එසේ ඔව්හු ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගෙනගියෝය.


එවිට ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට හැරියෝය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට පැමිණි කල එක්‍රොන්වරු මොරගසමින්: අපද අපේ සෙනඟද නසන්ට ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟට ගෙනාවෝයයි කීවෝය.


ඉශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහරදී, සිරියවරුන් අතරෙහි මහත් විනාශයක් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්