Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:43 - Sinhala Revised Old Version

43 පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:43
14 හුවමාරු යොමු  

ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.


එවිට අබ්නේර් ඊෂ්-බොෂෙත්ගේ වචන ගැන ඉතා කෝපවී: මම යූදාට අයිති බලු හිසක්ද? මම දාවිත් අතට නුඹ අසුකරනොදී, අද දක්වා නුඹේ පියවූ සාවුල්ගේ වංශයටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්වමි, එහෙත් අද නුඹ මේ ස්ත්‍රිය ගැන මා කෙරෙහි වරද පමුණුවයි.


ඉශ්‍රායෙල්වරුන්ගේ රජතුමා කා පස්සේ පිටත්ව ආවේද? ඔබ කා පස්සේ එළවාගෙන එනවාද? මළ බල්ලෙක් පස්සේය, බලුමැක්කෙක් පස්සේය.


ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.


හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.


එවිට ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට කථාකොට: අර මළ බල්ලා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මක්නිසාද? ගොස් ඔහුගේ හිස කපාදමන්ට මට අවසර ලැබේවයි කීවේය.


මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.


එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද නුඹ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් නුඹ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය.


තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.


මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි නුඹලාට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය.


දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,


බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.


එබැවින් ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයා වී මාත් ඔබත් අතරේ විනිශ්චයකොට, මාගේ විත්තිය කියා, ඔබගේ අතින් මා ගළවනසේක්වයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්