Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:18 - Sinhala Revised Old Version

18 ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:18
13 හුවමාරු යොමු  

ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.


කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.


ඔබ මා කිරි මෙන් වත්කර, මිදුණු කිරි මෙන් මිදෙන්ට සලස්වා,


මීපැණි, වෙඬරු, බැටළුවන්, එළ දීකිරි යන මේවා දාවිත්ටත් ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝය. මක්නිසාද: සෙනඟ කාන්තාරයෙහි බඩගිනිව වෙහෙසව පිපාසාව සිටිත්යයි ඔව්හු කීවෝය.


ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.


සාවුල්ද ඔව්හුද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියලුදෙනාද ඒලානම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන්කරමින් සිටියෝය.


මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.


ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය.


දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,


දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.


මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්