Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 16:21 - Sinhala Revised Old Version

21 දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 16:21
13 හුවමාරු යොමු  

තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.


යෝසෙප් මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි තිස් අවුරුදු වයස්විය. ඔහු ඵාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශය මුළුල්ලෙහි ගමන්කෙළේය.


අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.


අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.


සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.


ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය.


ඒ කාලයේදී ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පිණිසද අද දක්වා කරන ලෙස ස්වාමීන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ ඉදිරියෙහි සිටින පිණිසද උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ස්වාමීන්වහන්සේ ලෙවීගේ ගෝත්‍රය වෙන්කළසේක.


නුඹ ඉදිරිපිට සිටින නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එහි ඇතුල්වන්නේය. ඔහු ශක්තිමත්කරන්න; මක්නිසාද ඒක ඉශ්‍රායෙල්වරුන්ට උරුමකරදෙන්ට සිටින්නේ ඔහුය.


ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.


දාවිත් මාගේ ඇසට ප්‍රිය නිසා ඔහු මා ඉදිරියෙහි සිටීවයි සාවුල් යෙස්සේට කියා යැවීය.


දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්