Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:20 - Sinhala Revised Old Version

20 සාවුල්ද: නැත, මම ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, ස්වාමීන්වහන්සේ මා යැවූ ගමන ගොස්, අමලෙක්වරුන්ගේ රජවූ ආගග් ගෙනාවෙමි, අමලෙක්වරුන්ද සහමුලින්ම විනාශකර දැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:20
12 හුවමාරු යොමු  

සාමුවෙල් සාවුල් ළඟට පැමුණුණු කල සාවුල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. මම ස්වාමීන්වහන්සේගේ වචනය ඉෂ්ටකෙළෙමියි කීය.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.


ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.


මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.


යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.


නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?


මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද?


මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.


මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි. මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි;


ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


නුඹ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ නුඹට මේ දෙය කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්