Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:50 - Sinhala Revised Old Version

50 සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:50
9 හුවමාරු යොමු  

තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.


සාවුල්ගේ බාප්පා: නුඹලා කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය.


එවිට දාවිත් පිටත්වී සාවුල් කූඩාරම් ගසාගන සිටි ස්ථානයට ඇවිත් සාවුල්ද ඔහුගේ සේනාපතිවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද නිදා උන් ස්ථානය දුටුවේය. සාවුල් ගැල් තිබුණු ස්ථානයේ වැදහොත්තේය, සෙනඟ ඔහු වටකර කූඩාරම ගසාගන සිටියෝය.


දර්ශනකාරයාවූ සාමුවෙල්ද කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද විසින් කැපකළ සියල්ලත් කා විසින් නුමුත් කැපකළ දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය.


සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.


රජ්ජුරුවෝ තමාගේ සේවකයන්ට කථාකොට: අද දවසේ ඉශ්‍රායෙල්හි අධිපතියෙක්ද උත්තමයෙක්ද වැටුණු බව නුඹලා දන්නේ නැද්ද?


ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත්‍රවූ ඉද්දෝය. බෙන්යමින්වරුන්ට අබ්නේර්ගේ පුත්‍රවූ යාසයෙල්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්