Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:5 - Sinhala Revised Old Version

5 එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:5
10 හුවමාරු යොමු  

යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.


පිලිස්තිවරුන්ගේ මුර සමුදාව මික්මාෂ්හි කඳු පාරට ගියේය.


පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යොනාතාන් යන්ට උත්සාහකළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුළක්ද අනික් පැත්තේ ගිරිකුළක්ද තිබුණේය. එකක නම බෝශෙශ්ය, අනිකේ නම සෙනේය.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.


තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.


සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,


ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;


ඔහු අයාතට පැමිණ මිග්‍රෝන මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.


ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්