Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:42 - Sinhala Revised Old Version

42 මා සහ මාගේ පුත්‍රවූ යොනාතාන් අතරේ පසඇට දමන්නැයි සාවුල් කීය. එවිට යොනාතාන් අසුවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:42
6 හුවමාරු යොමු  

සාවුල්ද: ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, හරි දේ පෙන්වාදුනමැනවයි ස්වාමීන්වහන්සේට කීවේය. පසඇට දැමූ විට සාවුල් සහ යොනාතාන් අසුවුණෝය, සෙනඟ ගැළවුණෝය.


නුඹ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.


ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.


ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය.


පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.


පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්