Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:17 - Sinhala Revised Old Version

17 එවිට සාවුල් තමා සමඟ සිටි සෙනඟට කථාකොට: අප කෙරෙන් ගියේ කවුද කියා ගණන්කර බලන්නැයි කීවේය. ඔවුන් ගණන්කළ විට යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද එහි නැති බව පෙනී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:17
3 හුවමාරු යොමු  

ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.


බෙන්යමින් ගිබියාහි සාවුල්ගේ රැකවල්ලු බැලූ විට ඒ සමූහයා අඩුවෙවී ඔබ මොබ විසිර යනවා දුටුවෝය.


සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්