Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 13:7 - Sinhala Revised Old Version

7 සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 13:7
15 හුවමාරු යොමු  

එබැවින්: භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය.


අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.


අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.


ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රෙයෙහිත් රජකම් කළාවූ


සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්