Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 13:19 - Sinhala Revised Old Version

19 මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ආචාරියෙක් නොසිටියේය. මක්නිසාද: හෙබ්‍රෙව්වන් කඩුද හෙල්ලද සාදානොගන්න පිණිසයයි පිලිස්තිවරු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 හෙබ්‍රෙව්වරුන් කඩු ද හෙල්ල ද සාදා ගැනීම වැළැක්වීමට පිලිස්තිවරුන් අධිෂ්ඨාන කරගෙන සිටි නිසා මුළු ඉශ්රායෙල් දේශයෙහි කම්මල්කාරයෙකු සොයා ගන්නට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 හෙබ්‍රෙව්වරුන් කඩු ද හෙල්ල ද සාදා ගැනීම වැළැක්වීමට පිලිස්තිවරුන් අධිෂ්ඨාන කරගෙන සිටි නිසා මුළු ඉශ්රායෙල් දේශයෙහි කම්මල්කාරයෙකු සොයා ගන්නට බැරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 13:19
6 හුවමාරු යොමු  

ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.


ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද?


අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.


සියලු ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ හීවැලද දෑකැත්තද පොරොවද උදැල්ලද මුවහත් කරන්ට පිලිස්තිවරුන් ළඟට ගියෝය;


අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්