Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 13:17 - Sinhala Revised Old Version

17 පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් කොල්ලකාරයෝ කණ්ඩායම් තුනක් ව නික්ම ආවෝය. එක කණ්ඩායමක් ඕප්‍රාට යන මාර්ගයෙන් ෂුවාල් රටට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ආක්‍රමණිකයෝ කණ්ඩායම් තුනකට බෙදී නික්ම ආවෝ ය. එක කණ්ඩායමක් ෂුවාල් රටේ ඕප්‍රාට යන මාර්ගයෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ආක්‍රමණිකයෝ කණ්ඩායම් තුනකට බෙදී නික්ම ආවෝ ය. එක කණ්ඩායමක් ෂුවාල් රටේ ඕප්‍රාට යන මාර්ගයෙන් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 13:17
4 හුවමාරු යොමු  

අව්වීම්ද පාරාද ඔප්‍රාද,


හශර්-ෂුවාල්ද බාලාද එශෙම්ද,


පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.


කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්