Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:6 - Sinhala Revised Old Version

6 සාමුවෙල් සෙනඟට කථාකොට: මෝසෙස් සහ ආරොන් පත්කළෙත් මිසරයෙන් නුඹලාගේ පියවරුන් ගෙනාවෙත් ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:6
11 හුවමාරු යොමු  

මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.


උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.


උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.


ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.


උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත ගෙනෙන පිණිස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකළේ මෙම මෝසෙස් සහ ආරොන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්