Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:13 - Sinhala Revised Old Version

13 ඉතින් නුඹලා තෝරාගත්තාවූ නුඹලා ඉල්ලුවාවූ රජ්ජුරුවන් බලන්න. ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි රජ කෙනෙකු පත්කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:13
9 හුවමාරු යොමු  

මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.


සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.


ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.


ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.


මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.


තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.


දැන් තිරිඟු කපන කාලය නොවේද? අහස් ගර්ජනාවද වර්ෂාවද එවන ලෙස මම ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; රජෙකු ඉල්ලීමෙන් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම මහත් බව එයින් නුඹලා දැන තේරුම් ගන්නවා ඇතැයි කීවේය.


එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරුද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්