Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:12 - Sinhala Revised Old Version

12 නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් නුඹලාට විරුද්ධව එන බව නුඹලා දුටු කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ රජව සිටි නුමුත් නුඹලා–එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:12
15 හුවමාරු යොමු  

ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.


එහෙත් නුඹලාගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද නුඹලා ගැළෙවූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් නුඹලාගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.


ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.


මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.


පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.


නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.


නුමුත් නුඹලා අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍රවූ අබිමෙලෙක් නුඹලාගේ සහෝදරයා බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය.


උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.


නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.


එසේම මෝවබ්හිද අම්මොන් පුත්‍රයන් අතරේද ඒදොම්හිද සෑම රටවලද සිටි සියලු යුදෙව්වරු බබිලෝනියේ රජු යූදාවරුන්ගෙන් සමහරෙක් ඉතිරිකර ගිය බවද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා පත්කළ බවද ඇසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්