Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:11 - Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේ යෙරුබ්බාල්ද බෙදාන්ද යෙප්තාද සාමුවෙල්ද එවා වටකර සිටි නුඹලාගේ සතුරන්ගේ අතින් ගැළවූසේක, එවිට නුඹලා සුරක්ෂිතව වාසයකළහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:11
13 හුවමාරු යොමු  

ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.


ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,


ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.


මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය.


යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.


යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරුබ්බාල් ගොස් තමාගේම ගෙදර වාසයකෙළේය.


යෝවාෂ්ද තමාට විරුද්ධව සිටි සියල්ලන්ට කථාකොට: නුඹලා බාල් උදෙසා කාරණා කියනවාද? නොහොත් නුඹලා ඔහු ගළවන්ට හදනවාද? ඔහු උදෙසා කාරණා කියන්ට කැමති තැනැත්තේ උදයව තිබෙද්දීම මරනු ලැබේවා. ඔහු දෙවිකෙනෙක් නම් යමෙක් ඔහුගේ පූජාසනය කඩාදැමුවාට ඔහුම තමා උදෙසා කාරණා කියාවයි කීවේය.


එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරු දැනගත්තෝය.


(තවද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.


ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්