Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:10 - Sinhala Revised Old Version

10 එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසමින්: අපි ස්වාමීන්වහන්සේ අත්හැර බාල් දේවතාවන්ටත් අෂ්ටාරොත්ටත් සේවයකිරීමෙන් පව්කෙළෙමුව. එහෙත් දැන් අපේ සතුරන්ගේ අතින් අප ගැළවුව මැනව, අපි ඔබවහන්සේට සේවයකරන්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:10
18 හුවමාරු යොමු  

එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි කීවෝය.


ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.


ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.


එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.


තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.


ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.


ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විනිශ්චයකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්