Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 11:8 - Sinhala Revised Old Version

8 ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 11:8
8 හුවමාරු යොමු  

යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.


යෙහෝරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කොට ගණන්කෙළේය.


එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය.


එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට නුඹලාට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,


සාමුවෙල් පිටත්වී ගිල්ගාලෙන් බෙන්යමින් ගිබියාට ගියේය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන්කෙළේය, ඔව්හු හසියයක් පමණ වූහ.


සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යූදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්