Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 11:14 - Sinhala Revised Old Version

14 එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 11:14
8 හුවමාරු යොමු  

නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.


ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර,


අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය.


සාමුවෙල් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: මෙන්න, නුඹලා මට කී සියල්ල ගැන මම නුඹලාගේ හඬට ඇහුම්කන්දී නුඹලා කෙරෙහි රජෙකු පත්කෙළෙමි.


එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.


මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්