Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 10:12 - Sinhala Revised Old Version

12 ඒ ස්ථානයේ එක්කෙනෙක් උත්තරදෙමින්: ඔවුන්ගේ පියා කවුදැයි කීවේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේ සිටින්නේද යන කීමක් හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එතැන සිටි කෙනෙක් පිළිතුරු දෙමින්, “මේ මිනිසුන්ගේ පියවරුත් දිවැසිවරු දැ”යි ඇසුවේ ය. “සාවුලුත් දිවැසිවරුන් අතරේ සිටී දැ”යි යන කීම ඇති වූයේ මෙලෙස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එතැන සිටි කෙනෙක් පිළිතුරු දෙමින්, “මේ මිනිසුන්ගේ පියවරුත් දිවැසිවරු දැ”යි ඇසුවේ ය. “සාවුලුත් දිවැසිවරුන් අතරේ සිටී දැ”යි යන කීම ඇති වූයේ මෙලෙස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:12
7 හුවමාරු යොමු  

සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.


නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.


සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය.


ඔහු ධර්මවාක්‍ය පවසා නිමවූ කල උස් තැනට ආයේය.


ඔහු රාමායේ නායොත්ට ගියේය. එවිට ඔහු කෙරෙහිත් දෙවියන්වහන්සේගේ ආත්මය පහළවූයෙන් ඔහු රාමාහි නායොත්ට පැමිණෙන තුරු ධර්මවාක්‍ය පවස පවසා, ගියේය.


ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්