Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:21 - Sinhala Revised Old Version

21 එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:21
7 හුවමාරු යොමු  

ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය.


නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්