Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 1:13 - Sinhala Revised Old Version

13 මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:13
8 හුවමාරු යොමු  

එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්:


ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.


සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.


නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.


එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.


සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.


ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්