Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:26 - Sinhala Revised Old Version

26 මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:26
9 හුවමාරු යොමු  

පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය.


මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.


ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත්දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝය.


දෙවියන්වහන්සේගේ ගෘහය රැකවල්කිරීම ඔවුන්ගේ යුතුකමව තිබුණු නිසා ඔව්හු ඒ ගෘහය වටකර නැවතී සිටියෝය, උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේය.


නුඹ රේකාබ්වරුන්ගේ වංශය ළඟට ගොස් ඔවුන් සමඟ කථාකොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙයකට ඔවුන් කැඳවාගෙන ඇවිත්, ඔවුන්ට මුද්‍රිකපානය බොන්ට දෙන්නැයි කීය.


එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්