Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:18 - Sinhala Revised Old Version

18 මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:18
11 හුවමාරු යොමු  

ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.


තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය.


ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,


අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයොත්ය. ෂල්ලුම් ප්‍රධානියාය.


කොරාගේ පුත්‍රවූ එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයෝ වන කොරහිවරුද සේවයේ කටයුතුවලට පත්වී සභාමණ්ඩප දොරටුවල රැකවල්ලු වූහ. ඔවුන්ගේ පියවරු ස්වාමීන්වහන්සේගේ කඳවුරට ඇතුල්වෙන තැන රැකවලුන්ලෙස සිටියෝය;


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,


එවිට ඔහු නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා නැවත ගෙනගියේය; නුමුත් ඒක වසා තිබුණේය.


සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය දෙසට හරවා තැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්