Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:17 - Sinhala Revised Old Version

17 අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයොත්ය. ෂල්ලුම් ප්‍රධානියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:17
8 හුවමාරු යොමු  

තවද දොරටු රැකවල්කළාවූ අක්කූබ්ද ටල්මොන්ද ඔවුන්ගේ සහෝදරයෝවූ දොරටුපාලයෝද එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.


යෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත්‍රවූ ෂෙමයියාගේ පුත්‍රයා වන ඔබදියාය, නෙටොපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත්‍රවූ බෙරෙකියාය දොරටුපාලයෝවූ ෂල්ලුම්,


මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.


තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


දොරටුපාලයන්ගේ පුත්‍රයෝ එනම් ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කූබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂොබයිගේ පුත්‍රයෝද යන සියල්ලෝ එකසිය තිස්නව දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්