Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 8:28 - Sinhala Revised Old Version

28 මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 8:28
11 හුවමාරු යොමු  

බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


යාරෙෂියාද එලියාද සික්රීද යෙරොහාම්ගේ පුත්‍රයෝය.


ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.


මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේය. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය.


යූදා පුත්‍රයන්ගෙනුත් බෙන්යමින් පුත්‍රයන්ගෙනුත් එප්‍රායිම් සහ මනස්සේ පුත්‍රයන්ගෙනුත් යෙරුසලමෙහි වාසයකළ අය නම්:


බෙන්යමින් පුත්‍රයන්ගෙන් හස්සෙනුවාගේ පුත්‍රයා වන හොදවියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලුද;


මොව්හු තමුන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, යෙරුසලමෙහි වාසයකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්