Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 7:29 - Sinhala Revised Old Version

29 මනස්සේ පුත්‍රයන්ගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ ඒකේ ගම්ද තයනාක් සහ ඒකේ ගම්ද මෙගිද්දෝ සහ ඒකේ ගම්ද දෝර් සහ ඒකේ ගම්ද යන මේවාය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයෝ වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:29
12 හුවමාරු යොමු  

ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.


ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.


නුමුත් යොෂියා නෙකෝ කී දෙවියන්වහන්සේගේ වචනය නාසා, ඔහු වෙතින් අහක්ව නොගොස්, ඔහු සමඟ යුද්ධකරන පිණිස, වෙස් මාරුකරගන, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමුණුණේය.


ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.


යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.


ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.


රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්