Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:63 - Sinhala Revised Old Version

63 මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

63 මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

63 මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:63
7 හුවමාරු යොමු  

මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් ලැබුණේය.


පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.


ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමුන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාඛර් ගෝත්‍රයෙන්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් ලැබුණේය.


ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්