Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:32 - Sinhala Revised Old Version

32 සාලමොන් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන තුරු ඔව්හු සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමුන්ගේ පංක්ති පරිද්දෙන් තමුන්ගේ තනතුරෙහි යෙදී සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ කාණ්ඩ පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:32
20 හුවමාරු යොමු  

මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.


ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.


හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.


මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.


යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.)


ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.


එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;


ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්