Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:8 - Sinhala Revised Old Version

8 යෝවෙල්ගේ පුත්‍රවූ ෂෙමාගේ පුත්‍රයා වන ආසාස්ගේ පුත්‍රවූ බෙලාය. ඔහු අරොයෙර්හිද නෙබෝ සහ බාල්-මෙයෝන් දක්වාද වාසයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:8
10 හුවමාරු යොමු  

යෝවෙල්ගේ පුත්‍රයෝනම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායාය, ඔහුගේ පුත්‍රයා ගොග්ය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය;


නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය.


ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද;


මෙන්න, මම මෝවබ්ගේ පැත්ත ඔහුගේ සියලු නුවරවල සිට, එනම් දේශයේ අලංකාරකම වන බෙත්-යෙෂිමොත්ද බාල්-මෙයොන්ද පටන් කිරියාතයිම් දක්වා,


අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.


අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.


හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,


ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,


යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට නුඹ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,


හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්