Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:6 - Sinhala Revised Old Version

6 ඔහුගේ පුත්‍රයා බෙයේරාය, ඔහු අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර් විසින් වාලට ගෙනයනු ලැබුවේය. ඔහු රූබෙන්වරුන්ගේ අධිපතියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:6
6 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.


අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත.


එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


ඔහුගේ පුත්‍රයා මීකාය, ඔහුගේ පුත්‍රයා රෙයායාය, ඔහුගේ පුත්‍රයා බාල්ය;


තමුන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියාතිබෙන තමුන්ගේ පවුල්වල හැටියට ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියාවූ යෙයීයෙල් සහ සෙකරියාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්