Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:17 - Sinhala Revised Old Version

17 මේ සියල්ලෝම යූදාහි රජවූ යෝතාම්ගේ දවස්වලදීද ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලදීද පෙළපත් වශයෙන් ලියවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:17
7 හුවමාරු යොමු  

රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය.


යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යූදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්‍රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෙහෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ යෙරොබොවම් ඔහු වෙනුවට රජ වුණේය.


ස්වාමීන්වහන්සේ රජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.


යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.


යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.


තමුන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියාතිබෙන තමුන්ගේ පවුල්වල හැටියට ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියාවූ යෙයීයෙල් සහ සෙකරියාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්