Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 3:5 - Sinhala Revised Old Version

5 යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 3:5
11 හුවමාරු යොමු  

දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.


ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,


යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;


සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය.


ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්; නොගා, නෙපෙග්, යාපියා;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්