Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 28:18 - Sinhala Revised Old Version

18 පවිත්‍ර රන් දුම්පූජාසනයේ ආදෘශයද බරද, පියාපත් දිගහැර ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය වසාගන්න රන් කෙරුබ් රථයේ ආදෘශයද කියාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 28:18
13 හුවමාරු යොමු  

ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගන සිටියෝය; දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන.


ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.


බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.


දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.


උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.


සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,


ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.


පවිත්‍ර රන් මස් කොකුවලත් තාලිවලත් පාත්‍රාවලත් රන් කුසලාන්වලත් ආදෘශයද, එක එක කුසලානේ බරද, රිදී කුසලාන්වල ආදෘශයද, එක එක කුසලානේ බරද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්