Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 27:15 - Sinhala Revised Old Version

15 දොළොස්වෙනි මාසයට දොළොස්වෙනි අධිපතියා නම් ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටොපාතිය හෙල්දයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:15
7 හුවමාරු යොමු  

නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හෙලෙබ්ය, බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඉත්තයිය;


කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.


නෙටොපාතිය මහරයිය, නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හේලෙද්ය;


එකොළොස්වෙනි මාසයට එකොළොස්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පිරාතෝනිය බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;


කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්